ලදරන් බස් අයින් කරලා අලුත් බස් දානවා! – මඩොල්සිම අනතුර බලන්න ගිය ලංගම සභාපති කියයි…

January 8, 2020 at 10:32 am | by emanisa.lk

ධාවනයට නුසුදුසු තත්වයේ බස්රථ ඉවත් කර, නව බස්රථ ආනයනය කර ග්‍රාමීය මාර්ග සඳහා යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පවසයි.

ලංකා ගමනා ගමණ මණ්ඩලයට අයත් සියලු බස්රථ මෝටර් රථ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහායෙන් තත්ත්ව පරීක්ෂණයකට ලක්කරන බවද ඔහු අනාවරණය කළේය.

මඩොල්සිම සිදුවූ බස්රථ අනතුර නිරීක්ෂණය කිරීමට පැමිණි සභාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ කීවේය.

“මේ රටේ ජනතාව වැඩිම සේවාවයක් ලබාදෙන්නේ ලංගම බස්රථයි. විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ගවල බස්රථ ධාවනයට පුද්ගලික අංශයට වඩා ලංගම බස් සේවාවන් කැපවී තියෙනවා . පුද්ගලික අංශ බස් දුවන්නේ ලාබ ලැබෙන මාර්ගවල පමණයි. එහෙත් ලාබ ලැබීමේ පරමාර්ථය නොව ජනතාවට ගමන්පහසුව ලබාදී ලංගම අරමුණයි.

අනතුර සිදුව ඇත්තේ වසර 10 ක පමණ කාලයක් මේ මාර්ගයේ බස්රථ ධාවනය කළ රියදුරකු අතිනුයි. මේ බස්රථයද එතරම් පැරණි එකක් නොවෙයි. කෙසේ නමුත් මේ අනතුරට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. එම පරීක්ෂණ වාර්තාව අනුව කටයුතු කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස