පොහොට්ටු රැලියකට ගිය පිරිසකට එජාප මැරයෝ එළව එළවා පහර දෙති! ස්වාධීන පොලිසිය ප්‍රහාරය සුළු සිද්ධියක් යැයි පවසා යට කරන වෑයමක!

November 5, 2019 at 2:18 pm | by emanisa.lk

ආණමඩුව නගරයේ ඊයේ (4) පැවති ගෝඨාභය රාජපක්ෂගේ රැළියකට සහභාගී වී ආපසු කරුවලගස්වැව බලා එමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයට ලී කඳන් දමා හරස් කර කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්‍රදේශයේ නවතා එහි සිටි පිරිසට පොලු මුගුරුවලින් පහර දී ඇති බව වාර්තා වෙයි.

මෙම පහර දිම ඊයේ දින සවස 6.30 ට පමණ සිදුව ඇති අතර පහර කෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් වන අතර පහර කෑමට ලක්වු පිරිස් සිවු දෙනෙකු තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

මෙම පහර දීමෙන් ලංගම බස් රථයටද හානි සිදුව තිබු අතර පහර දීම සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනිමට ප්‍රමාද විම ගැන 100කට ආසන්න පිරිසක් කරුවලගස්වැව පොලීසිය තුළදී විරෝධය දක්වා තිබේ.

පසුව එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියංකර ජයරත්න, සනත් නිශාන්ත හා හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආනන්ද සරත් කුමාර, චින්තක අමල මායාදුන්න යන මහත්වරුන් ඇතුළු පිරිස් එක්වි එම නොසන්සුන්තාව සමතයකට පත් කරන්නට දැඩි උත්සායක් ගත්හ.

පොලීසිය පවසනුයේ මෙය සුළු සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවු ප්‍රශ්නයක් බවය. කෙසේ නමුත් පහර කෑමට ලක්වු පිරිස් පවසන්නේ තමන්ට කුඩා මැදවච්චිය ප්‍රදේශයේ එජාප ආධාරකරුවන් බස් රථය නවතා අමානුෂීක ආකාරයෙන් පහර දුන් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස