යුද ජයග්‍රහණයේ සමරන්න දෙයක් නෑ! උතුරෙත් මැරුණේ අපේ කොල්ලෝ! – මංගල

May 19, 2020 at 10:27 pm | by emanisa.lk

අදට යෙදී ඇති විජයග්‍රාහී රණවිරු සැමරුමෙහි සමරන්නට දෙයක් නොමැති බව හිටපු ඇමති මංගල සමරවීර පවසයි.

යුද්ධයේ දී දකුණේ රණවිරුවන් ලෙස මිය ගියේ ද උතුරේ ප්‍රභාකරන්ට රැවටී හෝ ඔහුගේ බලහත්කාරය යට වී මිය ගියේ ද එකම රටේ කොල්ලන් බව ශ්‍රී ලාංකිකයන් හෙතෙම සඳහන් කළේය.

කොටි ත්‍රස්තවාදය පරාජය පිළිබඳ තමන් සතුටු වුවද ඊට පසු ආණ්ඩුව කටයුතු කළේ සියලු ජන කොටස් එකතු කිරීමට නොව බෙදා වෙන් කිරීමට බව ද හිටපු ඇමතිවරයා චෝදනා කළේය.

පුත්තලම ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්දදායකයන් පිරිසක් එවක ඇමති රිෂාඩ් බදියුදීන් සිලාවතුර ප්‍රදේශයේ ඡන්දය භාවිත කිරීම සඳහා ලංගම බස් යොදා ගෙන ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නික්ම යන අවස්ථාවේ හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස