පාස්කු බෝම්බකරුගේ බිරිඳ රිෂාඩ්ගේ ඥාතිවරියක්! විවාහයට අත්සන් කළෙත් රිෂාඩ්මයි! – ජනපති කොමිසමේ දී හෙළිවෙයි….

November 20, 2020 at 9:00 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ දී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් විවාහ වී ඇත්තේ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ ඥාති දියණියක සමග බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ දී අනාවරණය වී තිබේ.

මෙම විවාහය සඳහා අත්සන් තබා ඇත්තේ ද ඇමැති රිෂාඩ් බදියුදීන් වන අතර කොමිසම හමුවේ ඊයේ (19) ඔහු ඒ බව පිළිගෙන තිබේ.

කෙසේ වුවද අප්‍රේල් 21 වෙනිදාට පෙර අදාළ බෝම්බකරු පිළිබඳ දැන සිටියේ දැයි නීතීඥවරයා විමසූ විට හිටපු ඇමැතිවරයා නැත යනුවෙන් පිළිතුරු දුන්නේ ය.

මෙම බෝම්බකරුගේ තඹ කම්හල සඳහා නීතියට පටහැනිව විශාල වශයෙන් රජයේ තඹ තොග නිකුත් කර තිබුණේ ද ඇමැති රිෂාඩ් බදියුදීන් යටතේ පැවැති ආයතනයක් මගිනි.

ඉන්සාෆ් අහමඩ්ගේ පියා මොහොමඩ් ඊබ්‍රාහිම් නම් 2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි ප්‍රකට ව්‍යාපාරිකයා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස