සිනමන් ග්‍රෑන්ඩ් පිපිරවූ ත්‍රස්තවාදියාට පිං දෙන්න පැමිණි පූජකයා ඇතුළු කල්ලියක් කොටුවෙයි!

May 14, 2019 at 9:29 pm | by admin

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරවාගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ හිමිකරු වන මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං පැමිණවීම සඳහා පැමිණි බවට සැකකරන පූජකයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු කොල්ලුපිටියේ පිහිටි බෝම්බකරුගේ බිරිඳගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ත්‍රස්තවාදියාගේ බිරිඳ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින අතර ඇගේ නිවසට පිරිසක් පැමිණ සිටින බවට ලැබුණු තොරතුරක් අනුව කොල්ලුපිටිය පොලිසිය මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පූජකයා කොටහේනේ පදිංචිකරුවකු බවත් අනෙක් පිරිස මාලිගාවත්තේ පදිංචිකරුවන් බවත් වාර්තා වෙයි. ඔවුන් පැමිණ තිබූ ත්‍රී රෝද රථයක් මෙන්ම නිවස තුළ තිබී ඩ්‍රෝන කැමරාවක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.

එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ආගම දේශනා කිරීම සඳහා පැමිණි බව ප්‍රකාශ කළද පූජකවරයා ඇතුළු පිරිස පැමිණයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං ලබා දීමට දැයි සොයා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමන් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස