පාස්කු ප්‍රහාර සැකකරු හිජාස් හිස්බුල්ලා අහිංසකයෙක්! ඔහු වහා ම නිදහස් කළ යුතුයි! – එරාන් වික්‍රමරත්න

October 9, 2020 at 11:06 pm | by emanisa.lk

දීර්ඝ කාලයක් සිරභාරයේ සිටි රියාද් බදියුදීන් නිදහස් කිරීම හොඳ දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

විවිධ චෝදනා නැඟුවත් එම චෝදනාවලට ඔහු වැරදිකරු නොවන්නේ නම් මෙතෙක් කල් ඔහු සිරභාරයේ තබා ගැනීම ප්‍රශ්නයක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

නීතීඥ හිජාස් හිස්බුල්ලා නැමති අහිංසක මිනිසා ද මාස හයක් තිස්සේ සිරභාරයේ සිටින්නේ ඇයි දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

ඔහුට නැඟෙන චෝදනා අසත්‍ය නම් මෙතරම් කාලයක් ඔහු සිරභාරයේ තබා ගෙන සිටින්නේ ඇයි ද මන්ත්‍රීවරයා විමසා සිටියේ පාර්ලිමේන්තුවේ දී ය.

හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර වෘත්තීය මට්ටමින් රාජකාරී කළ නිලධාරියෙකු බවත් එවැනි නිලධාරීන් වෙනුවෙන් අප පෙනී සිටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස