කටාර් තහනම් සංවිධානයකින් හිජාස් හිස්බුල්ලට ලක්ෂ 130ක්! කවර ත්‍රස්තවාදී ක්‍රියාවලට යෙදුවේ දැයි පරීක්ෂණ!

September 24, 2020 at 7:17 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් පවත්වා ගෙන යන සේව් ද පර්ල්ස් (Save the pearls) නමැති පදනමට කටාර් රාජ්‍යයේ පිහිටි කැලිපේඩ් නමැති නීති විරෝධී සංවිධානය රුපියල් මිලියන 13ක මුදලක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

බැංකු ගිණුම් වාර්තා අනුව පසුගිය වසර කිහිපය තුළදී එකී මුදල් ලැබී ඇති බව තහවුරු වී ඇතැයි අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම මුදල් කු-මන ත‍්‍රස්තවාදී කි‍්‍රයා සඳහා යොදවා ගත්තේ දැයි අනාවරණය කර ගැනීම සඳහා දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කොට ඇතැයි ද පෙන්වා දුන්නේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද එකී මුදල් ලැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සේව් ද පර්ල්ස් සංවිධානය විසින් පුත්තලම ප‍්‍රදේශයේ පවත්වාගෙන යන මද්‍රසා පාසලක තිබී විමර්ශන නිලධාරීන් විසින් භාරයට ගත් ‘නවරසම්’ නමැති ග‍්‍රන්ථය සම්බන්ධයෙන් කැඳවූ මනෝ විද්‍යාත්මක වාර්තාව මේ දක්වා ලැබී නොමැති බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

‘නවරසම්’ ග‍්‍රන්ථයේ සිංහල පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට කොටුව මහෙස්ත‍්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම මද්‍රසා පාසලේ තිබී භාරයට ගත් නවරසම් ග‍්‍රන්ථය හා එහි සිංහල පිටපත විශේෂඥ මනෝ විද්‍යාඥ කණ්ඩායමක් වෙත ඉදිරිපත් කොට එකී ග‍්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ළමුන් මානසික වශයෙන් ත‍්‍රස්තවාදය කෙරෙහි යොමු වන්නේදැයි මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට පූර්වගාමී මහෙස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස