පාස්කු ප්‍රහාර සැකකරු රකින්න ජාත්‍යන්තරයෙන් බලපෑම්!

May 16, 2020 at 9:24 am | by emanisa.lk

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදින්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කර තිබේ.

හිජාස් හිස්බුල්ලාට නීතීඥ සහාය ලබාගැනීම අවශ්‍ය පහසුකම් සලසන ලෙස මෙම ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය රජයෙන් ඉල්ලීම් කර තිබේ.

නව කොරෝනා වසංගතය හමුවේ ලංකාවේ මුස්ලිම්වරුන්ට පීඩා ඇතිව තිබෙන බව මොවුන් ප‍්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් අත්අඩංගුවේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කිසිඳු මැදිහත්වීමක් නොකරන ලෙස නීතීඥවරුන් 216 දෙනකු ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙ සභාපති කාලිංග ඉන්දතිස්ස වෙත යොමු කෙරුණු ලිපියට ජනාධිපති නීතීඥවරුන් 7 දෙනකුගේ අත්සන් ඇතුළත්ව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස