පාස්කු ප්‍රහාරයේ දී ජාතික තවුහිද් නායක සහරාන් මිය යයි!

April 26, 2019 at 1:16 pm | by admin

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාර මාලාවේදී ජීවිතක්ෂට පත්ව ඇති බව පවසයි.

ආරක්ෂක අංශ කළ විශේෂ සමීක්ෂණයකින් හා ඡායාරූප මාධ්‍ය හා සී.සී.ටී.වී. මාධ්‍ය ඔස්සේ කළ ගැඹුරු තොරතුරු අධ්‍යනයකදී මේ බව තහවුරු කරගෙන ඇත.

මිය ගිය පුද්ගලයාගේ හිස පිළිබඳව කරන පරීක්ෂණවලදීද මේ බව හෙළිවී තිබේ. ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේදී මෙම සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කිරීමටද ආරක්ෂක අංශ සැලසුම් කර තිබේ.

ෂැංග්‍රීලා හෝටලයට පහර දීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඒ සහරාන් හෂීම් හා ඉල්හාම් නැමැත්තන්ය. ඔවුන් දෙදෙනාම මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබේ.

පින්තූරය මැද මුහුණු ආවරණයක් නොමතිව සිටින්නේ සහරාන්ය. කාත්නත්කුඩියේ සිටි සහරාන්ගේ එක් සොහොයරියක හැරුණු විට මව පියා දොහොයුරු සොහොයුරියන් ඇතුළු සියලු දෙනා අප්‍රේල් 18 වෙනිදා සිට ආගිය අතක් නැතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස