තවුහිද් ජමාද් ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු අපි භාරගන්නේ නෑ! පල්ලිවල භූමදාන කරන්න ඉඩ දෙන්නෙත් නෑ! – ජමීයියතුල් උලමා සංවිධානය

April 26, 2019 at 8:19 am | by admin

පාස්කු ඉරිදා දිනයේ කතෝලික පල්ලි හා හෝටල් සංකීර්ණ කිහිපයක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු තමන් භාර ගැනීමට සූදානම් නැති බවත් කිසිම මළ සිරුරක් පල්ලිවල භූමදාන කිරීමට ඉඩ නොතබන බවත් ලංකා ජමීයියතුල් උලමා සංවිධානය පවසයි.

සමස්ත ලංකා ජමීයියතුල් උලමා සංවිධානය ඊයේ (26) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් තම මුස්ලිම් ප්‍රජාවට අයත් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකික මුස්ලිම්වරුන් අතීතයේ සිට මේ දක්වා කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදු කර නොමැති බවත් ත්‍රස්ත ක්‍රියාවලට අනුබලදී නොමැති බවත් ඔවුන් සඳහන් කරයි.

මෙරට ජීවත් වන සියලුම ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීමට හා සෑම පුරවැසියෙකුටම තම ආගම ඇඳහීමේ නිදහස තහවුරු කිරීමට නිසි පියවර ගන්නා ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස