තවුහිද් ජමාද් ත්‍රස්තයන්ගේ පියා ජවිපෙ සාමාජිකයෙක් නෙමේ! වෘත්තිකයෙක්! – ටිල්වින් සිල්වා

April 24, 2019 at 8:49 am | by admin

දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ සාමාජිකයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

2015 වසරේ මහමැතිවරණයේ ජාතික ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත්ව තිබූ බවත්, පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලබන්නේ මැතිවරණයකදී තරග නොකරන විවිධ වෘත්තීකයින්ට විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් ලබාදීමට බවද පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහියිම් නම් මෙම ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා පසුගිය ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ කල්ලියේ සාමාජිකයන් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස