ජනතාව වෙනුවෙන් අලුත් වේදිකාවක් හදලා ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නවා! – පාඨලි

May 22, 2019 at 8:56 am | by admin

පාස්කු ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු අතර නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවන තැනට පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව කටයුතු කළ බවත් එසේ නොවන්නේ නම් ජනතාව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනු ඇතැයි ඇමති පාඨලි චම්පික රණවක පවසයි.

විපක්ෂය හිටියේ ඊළඟ ජනාධිපතිවරණය එනවා දිවුරුම් දෙන වෙලාව හරි කියලා වගේ ලෝකයක බවත් එහෙයින් ඔවුන් දැන් තමන්ට බය වී තමන්ට එරෙහිව නොයෙක් ප්‍රකාශ නිකුත් කරන බවත් පැවසූ ඇමතිවරයා තමා ඉන් නොසැලෙන බව කීවේය.

විපක්ෂයේ බිය තමන්ට තේරුම්ගත හැකි බවත් ජනතාව කෙරෙහි විශ්වාසය තබන තමන් ඒ ජනතාව වෙනුවෙන් නව වේදිකාවක් නිර්මාණය කරන බව ද පැවසීය.

පවුල්වාදයට, ගජමිතුරුවාදයට ඉඩ නොදෙන, නිපුණතාවට, හැකියාවට මුල්තැන දෙන, මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන්, ආර්ථිකය පැත්තෙන්, සමාජමය පැත්තෙන් මේ රට තුළ උපන් ශක්තිමත් බලවේගයක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කරන්න ප‍්‍රජාතාන්ත‍්‍රික කඳවුරෙන් අපි ඉදිරිපත් කරනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කිඹුලාවල මංසන්දියේ ඉදිකරනු ලැබූ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස