ක්ෂණිකව ත්‍රස්තවාදය මැඩලූ ලංකා ජනපති ලෝකයටම ආදර්ශයක්! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

May 1, 2019 at 8:15 pm | by admin

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු ත්‍රස්තවාදයට එරෙහිව ක්ෂණික පියවර ගනිමින් හා සාර්ථක මෙහෙයුම් දියත් කරමින් ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා නායකත්වය ලබාදීම මඟින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත ලෝකයටම අගනා ආදර්ශයක් සපයා ඇති බව ශිෂ්ටාචාරයන්ගේ සන්ධානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් මිගුවෙල් ඒන්ජල් මොරටිනොස් මහතා (Miguel Angle Moratinos) අවධාරණය කරයි.

මෙරටට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා ඊයේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර ජනාධිපතිවරයා ගෙනයන ත්‍රස්ත විරෝධි වැඩපිළිවෙළ වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කිරීමට ද ඒ මහතා කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *