පාසල් ළමුන් සඳහා ආසියාවේ මුලින්ම ටැබ් පරිගණක ලබා දුන්නේ අපි! – අගමැති

June 27, 2019 at 10:36 pm | by emanisa.lk

ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසු සිසුවියන් සඳහා ටැබ් පරිගණකය ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ තිරිකුණාමලයේදී අද (27) පැවසීය.

එම යෝධ පියවර තබන ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව කී අග‍්‍රාමාත්‍යවරයා අධ්‍යාපනය නවීකරණය නොකිරීම රටට කරන අසාධාරණයක් බව ද සඳහන් කළේය.

දැනට පරිගණක ක්ෂේත‍්‍රයේ රැකියා 90,000ක පුරප්පාඩු තිබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා ඒ පුරප්පාඩු සියල්ල ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන පසුබිම සකස් කරන බව ද සඳහන් කළේය.

තිරිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස