ආණ්ඩුව කෝටි 350ක ටැබ් බෙදන්න සූදානම්! මාපියෝ ළමයින් ගෙදර තබා පාසල මුරකරති!

May 9, 2019 at 3:32 pm | by admin

හලාවත බත්තුළුඔය රජයේ විදුහලට පොලිසිය හෝ ආරක්ෂක හමුදාව ආරක්ෂාව ලබා නොදීම නිසා ළමුන් පාසලට පැමිණීම නතර වී ඇතැයි වාර්තා වෙයි. මෙම පාසලට පළමු දින කිහිපයේ ළමුන් පැමණිය ද ආරක්ෂාව ලබා නොදීම නිසා ළමුන් පැමිණීම අඩු වී ඇත.

විදුහල්පතිවරයා පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලා සිටිය ද සියලු පාසල්වලට ආරක්ෂාව ලබා දීමට තමන් වෙත චක්‍රලේඛයක් ලැබී නැතැයි උඩප්පුව පොලිසිය පවසා තිබේ.

තම පාසලට වඩා අඩු සිසුන් පිරිසක් සිටින පාසල්වලට පවා ආරක්ෂාව ලබා දී ඇති බව ද ඉක්මනින් සිය පාසලට ආරක්ෂාව ලබා නොදුණහොත් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව ද දෙමාපියෝ පවසති.

ළමුන් පාසල් නොපැමිණිය ද පාසලේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා දෙමාපියන් පිරිසක් පාසල අසල අද දිනත් රැඳී සිටියහ.

ආරක්ෂාව 100%ක් සහතික කර ඇතැයි ළමුන් පාසල් එවන්න යැයි ආණ්ඩුව පවසන්නේ මෙවැනි පසුබිමකය. කෝටි 350ක් වැය කර සිසුන්ට නොමිලේ ටැබ් බෙදන්නේ මෙවැනි පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස