නියමු ව්‍යාපෘතියක් කියා ඇරඹු පාසල් සිසුන්ට ටැබ් දීම ජනපති විරෝධයට පයින් ගසා දීප ව්‍යාප්තව කරයි! රටේ දහසක් ප්‍රශ්න මැද ව්‍යාපෘතියට කෝටි 350ක් වෙන්කරයි!

May 8, 2019 at 7:55 am | by admin

රජයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගනක 183,000 ක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ විරෝධය ද නොතකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවැති කැබිනට් රැස්වීමට මීට ආදාළ යෝජනාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 350 කි.

මෙම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ අදහස දක්වා ඇති ජනාධිපතිවරයා තමා මෙම යෝජනාවට මීට පෙරද විරුද්ධ වූ බවත් ඒ සඳහා අනුමැතිය දුන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පමණක් බවත් ඒ සඳහා ටැබ් පරිගනක 1,83,000 ක් අවශ්‍ය නොවන බවත් පවසා ඇත.

එහිදී අදහස් දක්වා ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුදේ මේ වනවිට සකස් කර ඇති බව සඳහන් කර ඇති අතර කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ විරෝධය ද නොතකා එම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී ඇත.

මෙම ටැබ් ව්‍යාපෘතිය තුළ දැවැන්ත වංචාවක් සිදු වී ඇති බවත් තාක්ෂණික කොන්දේසි සැපිරූ සමාගමට නොව ඇමතිවරයාගේ හිතවත් සමාගමකට ව්‍යෘපෘතිය ලබා දී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *