පාසල් සිසුන්ට ටැබ් නෙමේ පාසලේ ආරක්ෂාවට විද්‍යුත් ආරක්ෂක පද්ධතියක් දෙන්න! – බන්දුල

May 15, 2019 at 12:37 pm | by admin

රටේ බරපතළ ආරක්ෂක අර්බුදයක් පවතින පසුබිමක උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට වඩා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් විද්‍යුත් ආරක්ෂක පද්ධතියක් ලබාදීමට කටයුතු වැදගත් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අධ්‍යාපන ඇමතිවරයාගෙන් මෙම ඉල්ලීම කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව බවයි.

විදෙස් රටවලින් ඒ සඳහා ආධාර උපකාර ලබාගැනීමට ද පහසු අවස්ථාවක් ඇති බැවින් ඒ සඳහා මැදිහත් වන ලෙස මන්ත‍්‍රීවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට ඇතැම් පෞද්ගලික උපකාරක පන්තිවල පාසල්වල පවා නොමැති ආරක්ෂක උපකරණ ඇති බවත් එහි ආරක්ෂක නිලධාරීන් සිසුන් එම උපකරණ මගින් පරික්ෂා කර පන්තිවලට ඇතුල් කර ගන්නා ආකාරය ද රූපවාහිනි පුවත්වල විකාශනය විය.

ජනාධිපතිවරයාගේ විරෝධය ද නොතකා පාසල් සිසුන් සඳහා ටැබ් ලබා දීම සඳහා කෝටි 350ක් වෙන්කළේ පාස්කු ප්‍රහාරයට පසු පාසල් සිසුන් විශාල වශයෙන් පාසලට නොපැමිණෙන පසුබිමක පසුගිය 07 වෙනිදාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස