කොළඹ නගරයේ කසළ අද (16) සිට පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත භාර නොගැනීමට මහනගර සහ බස්නාහිර පළාත් ඇමති පාඨලී චමපක රණවක තීරණය කර තිබේ.
අරුවක්කාලු අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව ඇතත් ඇතැම් ඇමතිවරු තමාගෙන් කප්පම් ගනිමින් සිටින බවට කොළඹ පුරපති රෝසි සේනානායක ඉංගිරිසි පුවත්පතකට කළ ප්‍රකාශයක් මේ සඳහා හේතු වී තිබේ.