මීතොටමුල්ල කුණු කන්ද නාගරික කොමසාරිස් පිට පටවා අත පිසදා ගැනීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එරෙහි වෙති!

April 18, 2019 at 6:05 pm | by admin

කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා ස්ථාන මාරුකිරීමේ සූදානමක් පවතින බව පවසමින් ඊට විරෝධය පා පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් 104 දෙනෙකුගේ අත්සනින් යුතු සන්දේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙන ලදී.

මීතොටමුල්ල කසළ කන්දේ ගැටලුව වසර 20ක් තිස්සේ පවතින්නක් බවද ඒ සම්බන්ධයෙන් විදෙස් පුහුණුව ලැබූ වගකිව යුතු ඉංජිනේරු නිලයන් දරන්නන් සිටියදී නාගරික කොමසාරිස්වරයා මාරුකර යැවීම නගරසභාවේ අගතියට හේතුවක් වියහැකි බවද මේ සම්බන්ධයෙන් ජනපති වෙත යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

කොළඹ මහනගර සභාවේ සිටින පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 119කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *