රවී වැඩ අරඹයි! “ලංකාව කිසිම ආයෝජනයකට සුදුසු නෑ” ජාත්‍යන්තර සහතිකයත් දිනා දෙයි!

February 14, 2019 at 10:22 am | by admin

කෙරවලපිටිය ජර්මන් තානාපති ජෝර්න් රොහෙඩ් (Joern Rohde)LNG විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අඩුම ලංසුව ඉදිරිපත් කළ ලක්දනව් සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව ලබා නොදී ටෙන්ඩර් පටිපාටියට පිටින් චීන සමාගමට ලබා දීම මෙම විරෝධයට හේතු වී තිබේ.

සෑම රටක්ම විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළ යුතු බව තානාපතිවරයා පවසා තිබේ. මෙම ව්‍යාපෘතියට අඩුම ලංසුව ඉදිරිපත් කළ දේශීය සමාගමක් වන ලක්දනවි සමාගමේ තාක්ෂණික සැපයුම්කරු Siemens AG නම් ජර්මන් සමාගමකි.

මෙවැනි ගනුදෙනු නිසා මෙරට ජනතාව මත අනවශ්‍ය බදු බරක් පැටවෙන බව පෙන්වා දී ඇති තානාපතිවරයා ශ්‍රී ලංකාව කිසිදු ආයෝජනයක් සඳහා සුදුසු නැති රටක් ලෙස හඳුන්වා තිබේ.

මේ වන විට විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ රවී කරුණානායකය. හෙතෙම මුදල් අමාත්‍යංශය ඉල්ලා ආණ්ඩුව තුළ දැඩි අරගලයක නිරත වුව ද අවසානයේ හිමි වූයේ මෙම අමාත්‍යංශයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *