නඩු භාණ්ඩයක් වන යාපනේ විද්‍යා ඝාතකයාගේ යතුරු පැදිය නිශාන්ත සිල්වා අවුරුදු 5ක් පැදලා!

February 17, 2020 at 1:30 pm | by emanisa.lk

යාපනය විද්‍යා දැරියගේ ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුට අයත් යතුරු පැදියක් නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර වසර 5කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

විද්‍යා දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුට අයත් මෙම යතුරු පැදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යාපනය කාර්යාල බාරයට ගෙන තිබී ඇති බවත් පොලිස් නිලධාරීන් එම යතුරු පැදියට ව්‍යාජ අංකයක් සවිකර භාවිත කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

නිශාන්ත සිල්වා මෙම ඝාතන පරීක්ෂණ සඳහා කොළඹ සිට යාපනයට පැමිණ සිටියදී එම යතුරු පැදිය ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වුවද මේ වන විට නිශාන්ත සිල්වා මේ වන විට ස්විට්සර්ලන්තයට පළා ගොසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස