ස්විස් තානාපති කුමන්ත්‍රණය ටික ටික එළියට! පැහැරගත් ගානියා ලේක්හවුස් දර්ශා, CID ශානි, නිශාන්ත සහ ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ සමග කතාකරලා! දැනටම තිදෙනෙක් ස්විස් පැනලා! (video)

January 22, 2020 at 10:02 am | by emanisa.lk

ගානියා බැරිස්ටර්ගේ පෞද්ගලික ජංගම දුරකතනය රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට කිසිදු නීතිමය ගැටලුවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කළාය.

පැහැරගත් බව කී ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා බැරිස්ටර් එසේ පැහැරගත් සහ පැහර ගැනීමට ආසන්න කාලයේ නිශාන්ත සිල්වා, ශානි අබේසේකර, ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ සමග තොරතුරු හුවමාරු කරගත් බව ද අනාවරණය විය.

ගානියා බැරස්ටර් එම කාලය තුළ ලක්නා තරිඳු පරණමාන්න නමට ලියාපදිංචි සිම්පතක් භාවිත කරමින් ලේක්හවුස් මාධ්‍යවේදීනි දර්ශා බැස්ටියන් සමග ද දර්ශා නිශාන්ත සිල්වා, ක්‍රිෂාන්ත කුරේ සමග ද ශානි අබේසේකර ක්‍රිෂාන්ත කුරේ සමග ද දුරකතනය ඔස්සේ සාකච්ඡා කර තිබේ.

එසේම දර්ශා බැස්ටියන් නොවැම්බර් 21 ද නිශාන්ත සිල්වා නොවැම්බර් 24 ද ක්‍රිෂාන්ත කුරේ දෙසැම්බර් 05 ද ස්විට්සර්ලන්තයට ගොස් ඇති අතර තිදෙනාම නැවත පැමිණ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස