දෙමළ ජාතික සන්ධාන ආධිපත්‍ය අවසන්! නවතා දැමූ යාපනේ විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි

December 11, 2019 at 12:44 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ විරෝධය හේතුවන් පසුගිය රජය විසින් නවතා දමන ලද යාපනයේ තෙන්මරච්චි මරවන්පුලව් සුළං විදුලි බලාගාරයේ යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මරවන්පුලව් සුළං බලාගාරය ආරම්භ කිරීම සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මේ දිනවල ත්‍රිකුණාමලය වරායේ සිට යාපනය දක්වා රැගෙන යමින් තිබේ. අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර රැගත් කන්ටේනර් වරකට හතළිහක් පමණ ත්‍රිකුණාමළයේ සිට යාපනය දක්වා ගමන් කරයි.

මේ සුළං බල විදුලි බලාගාරය නිසා යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේ ජල මට්ට්ම පහත වැටීම නිසා ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට නොහැකි බවත් ධීවරයින්ට මසුන් මැරීමට යාමේදී බාධාවන් එල්ල වන බවටත් චෝදනා කරමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ විරෝධය පෑහ.

මේ විරෝධතා හේතුවෙන් එම සුළං විදුලි බලාගාරය ඉදි කිරීමේ කටයුතු නවතා දමා තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස