2019 මුල් මාස 11ට විදුලි බල මණ්ඩලේ පාඩුව කෝටි 8500යි! හදිසි මිල දී ගැනීම්වලට මිස විකල්පවලට රවීට හදිසියක් තිබිලා නෑ!

December 7, 2019 at 9:12 am | by emanisa.lk

මෙම වර්ෂයේ (2019) නොවැම්බර් මස දක්වා ලංකා විදුලි බල මණ්ඩලයේ ‌පාඩුව රුපියල් කෝටි අටදහස් පන්සියයක් බව අනාවරණය වෙයි.

විදුලිබිල අඩු කිරීම සඳහා කෙලවරපිටිය එල්.එන්.ජී. බලාගාරය සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමුකරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය රජයේ විෂය භාර ඇමැති රවී කරුණානායකගෙන් ඉල්ලා තිබේ. එහෙත් එම යෝජනා කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා ඔක්තෝබර් මාසය වන විට පාඩුව රුපියල් කෝටි හත්දහස් පන්සියයක් වූ බව ලංකා විදුලි බල මණ්ඩල නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත. දෙසැම්බර් මාසය අවසන් වන විට එම පාඩුව රුපියල් කෝටි අටදහස් පන්සියයක් වන බව මෙම සාකච්ඡාවේදී හෙළි විය.

නව විදුලිබල අවශ්‍යතා සඳහා මෙගාවොට් 100ක විදුලිබලයක් 2019 අප්‍රේල් මාසය වන විට ගන්නා ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීම නිසා අප්‍රේල් මාසයේ විදුලිබල කප්පාදුවක් සිදුකිරීමට සිදුවූ බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

විකල්ප බලශක්ති ප්‍රභවයන් ක්‍රියාත්මක නොකිරීම සහ කෙලවරපිටිය බලාගාරය ඉදිනොකිරීම නිසා ලබන වසරේ අප්‍රේල් මාසයේදී විදුලිබල කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් මෙහිදී අනතුරු ඇඟවීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස