උතුරේ දූපත්වල අඩු වියදමින් සුළං සහ සූර්ය විදුලිය නිපදවන්න මම සූදානම්! රට පුරා විදුලිය බිඳ වැටෙද්දී රවීගෙන් උතුරට ප්ලෑනක්!

March 19, 2019 at 6:06 pm | by admin

ඩෙල්ෆ් දූපතේ ක්‍රියාත්මක කෙරෙන සූර්ය සහ සුළං විදුලි උත්පාදන ක්‍රියාදාමයේ සාර්ථකත්වය පදනම් කරගනිමින්, අවට පවතින අනෙකුත් දූපත්වලටත් සූර්ය සහ සුළං විදුලිබල උත්පාදනය ව්‍යාප්ත කර රටේ විදුලි උත්පාදන වියදම අවම කර ගැනීමට සැලසුම් සකස් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පසුගියදා වව්නියාව සහ යාපනය ප්‍රදේශයන්හි සංචාරයක් අතර ඩෙල්ෆ් දූපතේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය.

“මේ දූපතේ විදුලි ජනනයට තිබෙන දුර්වලතා, ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමෙන් එම තත්ත්වයන් මගහැරලා, පුනර්ජනනීය විදුලි ජනනය කිරීම වර්ධනය කිරීමයි අපේ මූලික අරමුණ වන්නේ. 4500 ක පමණ ජනතාවක් මේ දූපතේ ජීවත් වෙනවා. මේ ප්‍රදේශයේ උත්පාදිත විදුලිය ජාතික පද්ධතියට එකතුවීමේ යම් ගැටලුකාරි තත්ත්වයක් මතුවී තිබෙනවා. මෙම ගැටලුකාරි තත්ත්වයන් මගහරවලා, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් රටේ විදුලි උත්පාදනයේ සමබර සංවර්ධනයක් ඇති කරන්නේ කොහොමද කියලා මේ වනවිට අපි අධ්‍යයනය කරමින් සිටිනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *