මේ ආණ්ඩුවේ සමෘද්ධියෙන් ගොඩගියේ ඇමති දයා විතරයි! සමෘද්ධි ටී ෂර්ට් තොගයට විතරක් ඇමති දයාට කෝටි හතහමාරක්!

June 21, 2019 at 8:01 pm | by emanisa.lk

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවෙක් මන්දපෝෂණයෙන් මිය ගිය පවුලට රාජපක්ෂ ආණ්ඩුව සමයේ සමෘද්ධි සහනාධාරය ලබා දුන් බවත් වර්තමාන ආණ්ඩුව එම සහනාධාරය කපා දැමූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසයි.

අලුතින් සමෘද්ධි සහනාධාරය ලක්ෂ හයකට ලබා දෙන බව ප්‍රකාශ කළ ද මේ දරුවා මිය ගිය පවුලට සමෘද්ධිය ලබා දීමට කටයුතු කර නොතිබුණු බවට ද හෙතෙම චෝදනා කළේය.

ලක්ෂ හයකට සමෘද්ධිය ලබා දීමේ වැඩසටහන මගින් සමෘද්ධියට පත්වූයේ ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරයෙක් බවත් සමෘද්ධි ටී ෂර්ට්ස් තොගය සඳහා ඔහුගේ ඇඟළුම් කම්හලට කෝටි හතහමාරක් ගෙවා ඇති බව ද සමෘද්ධි ප්‍රචාරණ උත්සව සඳහා රු 3000ක් වෙන් කර ඇතැයි ද ඔහු හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස