ත්‍රස්ත ප්‍රහාරයට යන්තම් සති දෙකයි! ජනපති පුත් රාජකීය මඟුල යොදා ගත් ලෙසම හෙට හිල්ටන් හෝටලේ!

May 8, 2019 at 1:12 pm | by admin

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය හෙට (09) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

ජනපති පුත්‍රයාගේ විවාහය පැවැත්වීමට සැලසුම් කළ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කයක් වීමෙන් පසු හෝටලටය වසා දැමිණි. ඒ අවස්ථාවේ මෙම විවාහ මංගල්‍යය කල් දැමීමට හෝ වෙනත් ස්ථානයක් වෙත මාරු වීමට සිදුවනු ඇතැයි අපි පෙන්වා දුනිමු.

මේ අනුව එම විවාහය මැයි මස 09 වැනි බ‍්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී කොළඹ හිල්ටන් හෝටලයේදි කලින් යොදා ගත් ආකාරයටම පැවැත්වෙනු ඇත.

මේ සඳහා බොහෝ දේශපාලන නායකයන්ට සහ ප්‍රභූවරුන්ට ආරාධනා කර ඇත. දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුල වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්නයි.

පසුගියදා හිටපු ඇමති විජිත් විජිතමුණිගේ පුතුගේ විවාහ උත්සවය තිබුණේ අරලියගහ මන්දිරයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *