ඊයේ රාත්‍රීයේ තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 110 දෙනෙකු හමු වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම පිරිස අතරින් 38 දෙනෙකු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෝ වෙති. ඉතිරි පිරිස ඔවුන්ගේ ආශ්‍රිතයෝ ය.
ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් පිරිස 1956කි.