ස්වර්ණවාහිනිය මිලට ගත් කොටි ඩයස්පෝරාවේ ලයිකා මොබයිල් සමාජ සේවයට පිවිසෙයි! යාපනය විශ්වවිද්‍යාලයට රු. ලක්ෂ 740ක බිල්ඩිමක්!

April 1, 2019 at 4:45 am | by admin

ස්වර්ණවාහිනිය ඇතුළු EAP සමූහය ඉතාම ආන්දෝලනාත්මක ගනුදෙනුවක් මගින් මිලයට ගත් එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලයිකා මොබයිල් ආයතනය යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට රු. මිලයන 740ක් වියදම් කර නවීන පහසුකම් සහිත ගොඩනැඟිල්ලක් ලබා දීමට සූදානම් වෙයි.

මෙම සංවර්ධන කටයුතු සඳහා මැදිහත් වී ක්‍රියා කරන්නේ ඥානම් පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයකි. දෙසැම්බර් මස ඥානම් පදනම ආරම්භ කරන ලද්දේ ලයිකා මොබයිල් ආයතනයේ සභාපති සූභාෂ්කරන් අලිරාජා විසිනි.

ස්වර්ණවාහිනිය ඇතුළු EAP සමූහය සඳහා දේශීය ආයෝජකයකු ලයිකා මොබයිල් ආයතනයට වඩා වැඩි ලංසුවක් ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත් වීම මත අදාළ සමාගම් සමූහය ලයිකා මොබයිල් ආයතනයට අනුබද්ධ සමාගමකට මිලයට ගත හැකිය.

ත්‍රස්තවාදී සංවිධානවල කළු සල්ලි සුදු කිරීමේ චෝදනාව මත රටවල් ගණනාවක් ලයිකා මොබයිල් ආයතනයට ව්‍යාපාර කටයුතු සඳහා අවස්ථාව ලබා දෙන්නේ නැත. මේ වන විට ශ්‍රී ලංකාව ද මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ ජාත්‍යන්තර අළු ලැයිස්තුවට ඇතුළු වී තිබේ.

ශ්‍රී ලංකාවේ මුලතිව් හී ඉපිද පසුව ප්‍ර‍ංශයට ගොස් ඇති අලිරාජ් සුභාෂ්කරන් බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හා හිටපු අගමැති ජෝන් මේජර්ගේ ප්‍ර‍බල මූල්‍ය ආධාරකරුවකු වන අතර අගමැති රනිල් වික්‍ර‍මසිංහගේ ද සමීපතමයකු බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ හිදිමින් ලයිකා මොබයිල්, ලයිකා හෙල්ත්, ලයිකා ෆලයි, ලයිකා එන්ටර්ටේට්මන්ට් ලෙස ලොව පුරා රටවල් 21ක ව්‍යාපාර පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයා, මිලියන ගණනින් බදු වංචා කිරීම හා මුදල් විසුද්දි කරණය යන චෝදනා මත ප්‍ර‍ංශ පොලිසියේ අත්අඩංගුවටද පත්ව තිබේ.

කොටි සංවිධානයට හා ද්‍ර‍විඩ ඩයස්පෝරාවාට ප්‍ර‍සිද්ධියේ උදව් උපකාර කරන දකුණු ඉන්දියානු සිනාමාකරුවන් වන රජිනි කාන්ත්, සූර්යා, විජය වැනි අය සමග ද සමීප ඇසුරක් පවත්වන සුභාෂ්කරන් ඔහුගේ ලයිකා එන්ටර්ටේට්මන්ට් හරහා කොටි හිතවාදී චිත්‍ර‍පටි රැසක් නිෂ්පාදනයට ද දායන වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *