ඩයනාගේ පුරසාරම් ඉවරයි! සජිත් ඩයනා පන්නා දමයි!

November 14, 2020 at 1:27 pm | by emanisa.lk

20 වෙනි සංශෝධනය සඳහා පක්ෂ වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබේ.

පසුගිය 12 වෙනිදා සමගි ජන බලවේග විධායක කමිටු හමුවේ දී අදාළ තීන්දුව ගැනීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත පැවරීමට තීරණය කෙරිණි.

ඒ අනුව සමගි ජන බලවේගයේ හිමිකාරීත්වය ඇතැයි කී ඩයනා ගමගේ නෙරපා හැරීමට සජිත් ප්‍රේමදාස තීරණය කර තිබේ.

කෙසේ වුවද 20ට පක්ෂ වූ ඩයනා ගමගේ සඳහන් කළේ තමා ඉදිරියට ආණ්ඩුව සමග දේශපාලනය කරන බව ය.

කෙසේ වුවද 20 වෙනි සංශෝධනයට පක්ෂ වූ සෙසු මුස්ලිම් සහ දෙමළ මන්ත්‍රීවරුන් හත්දෙනා පිළිබඳ මෙතෙක් තීන්දුවක් ගෙන නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස