සුළු පක්ෂ සිරිසඟබෝට අඳී! සමගි බලේ ජාතික ලැයිස්තුව සජිත් පිලෙන් පුරවයි!

August 13, 2020 at 10:29 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් කොට තිබෙනවා. එම නම් ලැයිස්තුව අද දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වූ නම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරිමට නියමිතව ඇත.

මේ අතර එම පෙරමුණේ මනෝ ගනේෂන් පැවසුවේ තමන්ට හිමි ආසන අත්හැරීම ඉතාම දුරදිග බලා ගත් තීන්දුවක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *