අපි සජිත්ට පක්ෂය දුන්නේ සල්ලිවලට නෙමෙයි! ගෝඨාභය රට හදන බව මට විශ්වාසයි! – සමගි බලේ උප ලේකම්..

October 23, 2020 at 11:27 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රට ගොඩනඟන බවට තමා තුළ දැඩි විශ්වාසයක් ඇතැයි සමගි ජන බලවේගයේ උප ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවසයි.

ඊයේ (22) 20 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළා ය.

තමා 20 වෙනි සංශෝධනයට පක්ෂ වූයේ හෘද සාක්ෂියට එකඟව බවත් මේ රටේ ජනතාව බලයට පත් කළ ජනාධිපතිවරයාට රට ගොඩනැඟීම සඳහා බලය ලබා දිය යුතු බවත් අවධාරණය කළ ඩයනා ගමගේ තමා දේශපාලන වරදාන මත මෙම තීන්දුව ගත් බවට නැඟූ චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

තමා මෙදා වරදාන මත දේශපාලන තීන්දුවක් ගත්තේ යැයි කියන්නේ නම් එදා එදා සජිත් ප්‍රේමදාස විනාශ කිරීමට උත්සාහ කරන විට තම පක්ෂය ලබා දුන්නේ මුදලට දැයි ඇය විමසා සිටියා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *