විපක්ෂයේ දෙදෙනෙකුට රාජ්‍ය ඇමති ධුර?

October 26, 2020 at 11:15 am | by emanisa.lk

විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනා අතුරින් දෙදෙනෙකුට රාජ්‍ය ඇමැති ධුර හිමි වීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුව මෙතෙක් කැබිනට් ඇමැති ධුර 30 හෝ රාජ්‍ය ඇමැති ධුර 40 සීමාවට පැමිණ නැත.

මේ අතර 20 වෙනි සංශෝධනයට පක්ෂ වූ සමගි ජනබලවේගයේ ඩයනා ගමගේ පවසා තමා ඉදිරියට ආණ්ඩුව සමග කටයුතු බවත් ළමා හා කාන්තා කටයුතු ඇමති ධුරය ලැබුණහොත් භාර ගන්නා බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස