මම දැන් ආණ්ඩුවේ සාමාජිකයෙක්! තනතුරක් ලැබුණොත් රට වෙනුවෙන් හරියට ම කරනවා! – ඩයනා…

October 31, 2020 at 7:32 am | by emanisa.lk

තමාට ආණ්ඩුවෙන් යම් තනතුරක් ලැබුණොත් උපරිමයෙන් රට වෙනුවෙන් එය ඉටුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ පවසයි.

වත්මන් ආණ්ඩුවට සහයෝගය ලබාදෙමින් තමන් ඉදිරි කටයුතු කරන බව ද ඇය සඳහන් කළා ය.

“සමගි ජනබලවේගයෙන් අපි ඉවත් කරලනේ තියෙන්නේ. ඒකට කමක් නැහැ. මම දැන් මේ ආණ්ඩුව සමග ඉන්නවා. රටට වැඩක් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්මයා සමග මා ඉන්නවා. මගේ සහයෝගය උපරිමයෙන් මේ ආණ්ඩුවට ලබාදෙනවා.

ඒ වගේ ම මට මේ ආණ්ඩුවෙන් තනතුරක් ලැබුණොත් උපරිමයෙන් රටේ ජනතාව වෙනුවෙන් සේවය ඉටුකරනවා. වැඩක් කරන්න බැරි අයත් එක්ක ඉඳලා වැඩක් නැහැ.

අනිත් එක තමයි මේ ආණ්ඩුව කොරෝනා මඬින්න විශාල වෙහෙසක් ගන්න කොට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැත්නම් ඒ කටයුත්ත සාර්ථක කරගන්න අමාරුයි. ඒ සඳහා ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *