ද්විත්ව පුරවැසිකමට එරෙහිව පාර්ලිමේන්තුව දෙවනක් කළ සමගි බලේ මන්ත්‍රීනියත් ද්විත්ව පුරවැසියෙක්!

October 25, 2020 at 3:46 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ උප ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙකු බව අනාවරණය වී තිබේ.

2015 වසරේ සම්මත වූ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි අතර එවක ද්විත්ව පුරවැසියකු වූ ගීතා කුමාරසිංහට සිය අසුන ද අහිමි විය.

කෙසේ වුවද සමගි බලවේග ජාතික ලැයිස්තුව යටතේ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීනියක ලෙස දිවුරනු ලැබුවේ ද 19 වන සංශෝධනය බලාත්මක වන පසුබිමක ය.

ඩයනා ගමගේ අධ්‍යක්ෂ ධුරය දරන සමාගමක් ලියාපදිංචි කිරීමේ දී තමා බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සඳහන් කර තිබේ.

කෙසේ වුව ද 20 වන සංශෝධනය සමග එම නීතිය අහෝසි වී ඇති අතර ඩයනා ගමගේ සිය පක්ෂ තීන්දුවට එරෙහිව යමින් 20 වෙනි සංශෝධනයට මෙන් ම ද්විත්ව පුරවැසි නීතිය අහෝසි කිරීමට ද පක්ෂව ඡන්දය භාවිත කළා ය.

ඩයනා ගමගේ සමගි ජන බලවේග මතයට එරෙහි විසි වන සංශෝධනයට පක්ෂ වීමත් සමග එම පාර්ශ්වය විසින් ඈ ද්විත්ව පුරවැසියකු බවට වන ලිපි ලේඛන සමාජමාධ්‍ය වෙත මුදා හැර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *