සජිත්ගෙන් දැඩි තීන්දුවක්! 20ට ඡන්දේ දුන් පිරිස පක්ෂයෙන් පන්නයි!

October 23, 2020 at 6:46 pm | by emanisa.lk

විසි වෙනි සංශෝධනය සඳහා සහාය දුන් සියලු ම මන්ත්‍රීවරුන් සිය පක්ෂයෙන් නෙරපීමට සමගි ජන බලවේගය තීන්දු කර තිබේ.

පක්ෂයේ ඒකමතික තීන්දුවට පටහැනිව 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව සමග එක්ව ඡන්දය පාවිච්චි කළ සියලු මන්ත්‍රීවරුන් 08 දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් නෙරපීමට තීණ්දු කළ බව හර්ෂ ද සිල්වා පවසයි.

සමගි ජනබල වේගය පක්ෂයේ ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර් සහ ඉෂාක් රේහෙමාන් ද මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ.ඒ.එස්.එම්. රහීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, ඒ.එම්.එම්. හාරිස් සහ එම්.එස්. තව්ෆික් 20 වෙනි සංශෝධනයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී වැඩි දුර විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස