ජී.එල්, අලි සබ්‍රි, ගෙවිඳු, සාගර පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට!

March 1, 2020 at 7:52 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුව සැකසීම බොහෝ දුරට හමාර වී ඇති නමුත් එහි තොරතුරු රහසිගතව තබාගෙන ඇතැයි දැනගන්නට තිබේ.

එහෙත් අප වෙත ලැබෙන තහවුරු නොකළ ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුව සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, විමල් ගීගනගේ ආදීන්ගේ නම් යෝජනා වී තිබේ.

එසේම වියත්මග සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකු ශ්‍රීලනිපයෙන් නම්කරන දෙදෙනකු සහ සුළු පක්ෂවලට මන්ත්‍රී ධුර හතරක් ආදී වශයෙන් ජාතික ලැයිස්තුව පිළියෙළ කෙරෙනු ඇතැයි සඳහන්ය.

මෙයට අමතරව අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව පත්වන නිශ්චිත ජාතික ලැයිස්තු මන්ත්‍රී ගණන ප්‍රකාශ වූ වහාම ඇතිවන පුරප්පාඩු සඳහා පොරොත්තු ලේඛනයක්ද සකස්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස