ජනපති නියෝග ක්‍රියාත්මකයි! බන්ධනාගාර කොමසාරිස් වහාම ඉවත් කරයි! සුපිරි නිලධාරියෙක් කොමසාරිස් ධුරයට පත්කරයි!

June 4, 2020 at 8:42 am | by emanisa.lk

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. ජයසිරි තෙන්නකෝන් ඉවත් කර එම ධූරය සදහා බන්ධනාගාර බුද්ධි අංශ කොමසාරිස් තුෂාර උපුල් දෙණීය පත්කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අද (03) කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරමින් මෙම නව පත්කිරීමට අනුමැතිය ලබා ගෙන තිබිණී.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි ජයසිරි තෙන්නකෝන්  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉකුත් 02 වැනිදා ආරක්ෂක අංශ සමග පැවැති රැස්වීමකදී දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර, රටේ සිදුවන අපරාධ බන්ධනාගාරය තුළ සිට කි‍්‍රයාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත් අපරාධකරුවන්ට උදව් කරන දුෂිත නිලධාරීන්ට දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවත්, ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස