ජනපති අපේක්ෂක ඇපය ලක්ෂ 30යි! ඇපත් නැති වූ ජවිපෙ ඇතුළු සුළු පක්ෂ එරෙහි වෙයි!

December 8, 2019 at 11:56 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂකයන්ගේ ඇප මුදල් ඉහළ දැමීමට අදාළ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකිරීමට මැතිවරණ කොමිසම තීන්දු කර ඇත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව පිළිගත් පක්ෂවල නියෝජිතයන්ට නිල වශයෙන් දැනුම් දුන්නේය.

යෝජිත පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ 30 කි. එසේම ආපසු නොගෙවන රුපියල් ලක්ෂයක මුදලකුත් ඔහු තැන්පත් කළ යුතුය. එහෙත් පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා තැන්පත් කළ යුත්තේ රුපියල් ලක්ෂ 25ක මුදලක් පමණි. එම අපේක්ෂකයාද නැවත නොගෙවන රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතුය.

සංශෝධිත ඇප මුදල්වලට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙලෙස ඇප මුදල් ඉහළ නංවන්නේ නැතිව ඉදිරි ජනාධිපතිවරණයක් පවත්වන්නට ගියහොත් සී.ආර්. පොතක් වැනි ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය. එහෙත් මෙලෙස විශාල ගණනකින් ඇප මුදල් ඉහළ දැමීම ගැන සුළු පක්ෂ ගණනාවක් විරෝධය පළ කළේය. ප්‍රධාන පක්ෂ කිසිවක් ඊට විරෝධය දක්වා නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස