ගෝඨාට මඩ ගැසූ පුවතක් සොයා මැකො රූපවාහිනියට කඩා වදී! පරීක්ෂණ කටයුතුවලට සිවිල් ආරක්ෂකයින්ගෙන් බාධා!

November 8, 2019 at 7:42 am | by emanisa.lk

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත ඊයේ (07) රාත්‍රීයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එල්ල කරන ලද අසත්‍ය චෝදනා ඇතුළත් මඩ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඒ ගැන සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් රූපවාහිනි වෙත පැමිණ ඇත.

මෙම හේතුවෙන් මේ වන විට රූපවාහිනී පරිශ්‍රය තුළ යම්කිසි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වේ. මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට පැමිණි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට එහි රැඳී සිටි සිවිල් ආරක්ෂකයන් පිරිසක් පැමිණිලි කළ බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස