ගෝඨා පැමිණෙත්ම ව්‍යාපාරික ලෝකයේ විශ්වාසය තහවුරු වෙයි! කොටස් වෙළඳපොළ දැවැන්ත පිම්මකින් ඉහළ නගී!

November 19, 2019 at 12:33 pm | by emanisa.lk

විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ දිවුරුම් දීමත් සමග (18) කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා විය.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77%ක ඉමළ යාමකි.

මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 68.56 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,055.08 ක් ලෙසින් සටහන් විය.

දිනය තුළ රුපියල් බිලියන 2.41 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

2019 වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,067.66 ක් වූ අතර අද දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද සුවිශේෂී සිදුවීමක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස