ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතාම ඵලදායි සාකච්ඡාවක් පැවැත් වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
ජනාධිපති ගෝඨාභයගේ නායකත්වයෙන් ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට යන බවත් හෙතෙම පවසයි.
එසේම කොරෝනා මර්දන වැඩපිළිවෙළට මෙන්ම එහි ආර්ථික බලපෑමට මුහුණ දීමට ද සිය අසල්වැසි රට වන ලංකාවට තමන්ගේ උදව් හිමි වන බව හෙතෙම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Had an excellent talk with President @GotabayaR. Sri Lanka is fighting COVID-19 effectively under his leadership. India will continue to support our close maritime neighbour in dealing with the pandemic and its economic impact.
— Narendra Modi (@narendramodi) May 23, 2020