ගෝඨාට කඩේ යන මාධ්‍යවේදීන් පරිස්සම් වෙයල්ලා! ප්‍රේමදාස හොල්මන ආයේ ඔළුව උස්සන්නයි හදන්නේ! (video)

August 17, 2019 at 10:40 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂලාට සහ පොහෝටටුවට කඩේ යන මාධ්‍යවේදීන්ට පරිස්සමින් සිටින ලෙස රාජ්‍ය නොව ඇමති රවීන්ද්‍ර සමරවීර අනතුරු අඟවයි.

පසුගිය 12 වෙනිදා ඇමති සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බල කරමින් බදුල්ලේ පැවති ජන රැලියේ දී ඔහු මෙසේ පැවසීය.

“එහෙම නම් මම මාධ්‍යයට කියනවා, විශේෂයෙන් ගෝඨාභයලාට පොහොට්ටුවට කඩේ යන මාධ්‍යවේදීන්ට මම කියනවා. උඹලා ටිකක් ප්‍රවේසමින් හිටපල්ලා. ප්‍රේමදාස හොල්මන තමයි ආයෙමත් ඔය ඔළුව උස්සන්න හදන්නේ කියලා මතක තබා ගන්න කියලා මම ඒ අයට මතක් කරනවා.”

මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ වේදිකාවේ සිටි මැති ඇමතිවරුන් එම ඊට ප්‍රසාදය පළ කරනු දැකිය හැකි අතර රැස්ව සිටි ජනතාව ප්‍රීති ඝෝෂා නඟනු ඇසෙයි.

තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, රිචඩ් ද සොයිසා ආදී මාධ්‍යවේදීන් ඝාතනය වූයේ රණසිංහ ප්‍රේමදාස සමයේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස