කොළඹ ආසාදිතයන් 30 000ක් ඉන්නවා! අවධානම දැනගෙන කටයුතු කරන්න! – කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී….

November 11, 2020 at 10:05 pm | by emanisa.lk

කොළඹ නගරයේ කොරෝනා වෛරස් ආසාදිතයින් 30,000ක් පමණ සිටිනු ඇතැයි උපකල්පනය කළ හැකි බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි අනතුරු අඟවයි.

“අපි සාම්පල් 400ක් අහඹු ලෙස පරික්ෂා කළා. එයින් 19 දෙනෙක් පොසිටිව් වුණා. ඒ කියන්නෙ 5%ට පොඩ්ඩක් අඩුයි. දළ වශයෙන් 5%ක්. එතකොට ඒක අපි කොළඹ නගරය තුළ ජීවත් වන නිශ්චිත ජනගහනයට කෙළින්ම ආදේශ කළොත් 30,000ක් වෙනවා. ඒ 30,000 වෛරස් එකත් එක්ක ඔබමොබ සැරිසරනවා වෙන්නට පුළුවන්.

අපි කරන ලද පරීක්ෂණවලින් අපට 437ක් පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව හමු වුණේ. අපි එයින් තවත් හොයාගත්තා එක්කෙනෙකුට 4 දෙනෙක් PCR පරීක්ෂණ කරලා. එතකොට එතනිනුත් අපට හිතාගන්න පුළුවන් එක පුද්ගලයෙක්ගෙන් 4 දෙනෙක් හොයාගත්තා, නමුත් තවත් තුන් හතරදෙනෙක් මගහැරෙන්නට පුළුවන්. එතකොට ඒ 2000 ඒවා ගත්තාම අපි හිතනවා 6000-10 000 අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේ සමාජය තුළ ඉන්නවා. ඒගොල්ලො දන්නෙත් නෑ වෛරස් එක ඒගොල්ලොන්ට වැළඳිලා කියලා. ඒගොල්ලො ඒ වෛරස් එක පතුරුවමින් අපි අතරේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒක තමයි මේ රෝගයේ ස්වභාවය.

අපි අර 30,000 ගත්තොත් ඒ 30,000න් 80%ක් රෝග ලක්ෂණ නැහැ. රෝග ලක්ෂණ නැත්නම් ඔවුන්ගෙන් තවත් කෙනෙකුට බෝවීමට තියෙන ප්‍රවණතාව ඉතාමත් අඩුයි කියලා පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා. එහෙම ගත්තත් අපට 6000-10000 අතර ප්‍රමාණයක් අපට නිශ්චිතව ඇස්තමේන්තු කරන්න පුළුවන් සමාජයේ ඔබමොබ සැරිසරනවා කියලා. මොකද අන්තරාය තියෙන බව සිතේ දරා ගෙන තමයි අපට රාජකාරි කරන්න වෙන්නෙ.”

ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස