අමාත්‍යංශෙ සේවක පඩිය ගෙවන්න බැරි සජිත් රටක් කරන්නේ කොහොමද? ! – රවී

August 2, 2020 at 11:29 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ආර්ථික පැකේජයක් ගැන කියන්නේ අවම වශයෙන් සෑම පවුලකටම රු.20,000 බැගින් දෙන ආකාරය ගැන හෝ නිශ්චිතව ප්‍රකාශ නොකරන තත්ත්වයක බවත් ඔහු පවසන පරිදි  පවුලකට රු. 20,000 බැගින් දීමට ලෝක බැංකුවේ මුදල් අච්චු ගහන මැෂිම ගෙනාවත්  නොහැකි බවත් එජාප උපනායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක පවසයි.

රවී කරුණානායක මේ බව සඳහන් කළේ ඊයේ (01) පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවති ජන හමුවක් අමතමිනි.

තමන් විසින් පාලනය කළ අමාත්‍යාංශයේ සේවකයන් 4500කට වැටුප් ගෙවා ගැනීමට නොහැකි වූ තැනැත්තෙකු රටක ආර්ථිකයක් පවත්වා ගෙන යන්නේ කෙසේ දැයි රවී කරුණානායක විමසා සිටියේය.

රටක ආර්ථිකය පවත්වා ගෙන යාම යනු කතන්දර කීම නොවන අතර එය ප්‍රයෝගිකව කිරීමේ හැකියාව පැවතිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

රටට එවැනි විහිළු නොසපයා එක්සත් ජාතික පක්ෂය මෙන් ප්‍රයෝගිකව කළ හැකි දේ ගැන පමණක් කතා කළ යුතු බවයි එජාප උපනායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම කොරෝනා අවදියේ සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කළ බෙහෙත ජනතාව බිව්වා නම් මේ වන විට දිව්‍ය ලෝකයේ බවත් රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස