ආණ්ඩුවේ මෙඩිකල් ටුවරිසම් කතා බොරු! සීෂෙල්ස් කොරෝනා ලෙඩ්ඩු ගෙනත් ප්‍රතිකාර කරනවා! – පාඨලී

May 30, 2020 at 1:48 pm | by emanisa.lk

මෙඩිකල් ටුවරිසම් යැයි කියමින් ආණ්ඩුව විසින් කොරෝනා වැළඳුණු සීෂෙල්ස් වැසියන් මෙරටට ආනයනය කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති චම්පික රණවක චෝදනා කරයි.

කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කිරීමට කටයුතු කළ අය සම්බන්ධයෙන් ද අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය. ‍

ශ‍්‍රී ලාංකිකයන් 300ට වැඩි පිරිසක් සීෂෙල්ස් රාජ්‍යයේ සිරවී සිටියදී ආණ්ඩුව ඒ ගැන නොතකා මෙඩිකල් ටුවරිසම් යැයි කියමින් සීෂෙල්ස්හි කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කරමින් සිටින බවද ඔහු හෙළිදරව් කළේය.

එම රෝගීන් සගවා ඇති ස්ථානයන් පිළිබඳව සොයාබලා වාර්තා කරන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද අන්තර්ජාතික දත්ත අනුව අප්‍රේල්  7 වන දාට  පසු සීෂෙල්ස් රාජ්‍යයෙන් කොරෝනා රෝගීන් වාර්තා වී නොමැති අතර එරටින් වාර්තා වූ රෝගීන් 11 දෙනාම සුවය ලබා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස