කොරෝනා මැඩලිය හැකි අවිය පරණ පාර්ලිමේන්තුව කැඳවා සංවාද කිරීමයි! ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයත් එයයි! – කිරිඇල්ල

June 6, 2020 at 2:22 pm | by emanisa.lk

කොරෝනා මැඩලීමට සුදුසුම අවිය පාර්ලිමේන්තුව බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.

පාර්ලිමේන්තුව සංවාද කිරීම මගින් අඩුපාඩු සඳහා අවධානය යොමු වෙන බව ද පර්යේෂණවලට මුදල් වෙන්වන බව ද ඔහු සඳහන් කර ඇතැයි ද කිරිඇල්ල පවසයි.

පාර්ලිමේන්තු නැතිව කොරෝනාවලට මුහුණ දීමට අපහසු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා පවසා ඇතැයිද ඔහු සඳහන් කර ඇත.

වත්මන් ආණ්ඩුව විසින් රටට කොරෝනා බෝ කර ඇති බවත් ත්‍රිවිධ හමුදාවට කොරෝනා බෝ කළේද ආණ්ඩුව බවත් ඔහු පැවසීය.

පෙබරවාරි මාසයේදී රටම වසා දැමුවේ නම් ගුවන් තොටුපළ වසා දැමුවේ නම් අද මෙම ප්‍රශ්නය ඇති නොවන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස