මේ ආණ්ඩුව ජනතාවට කිසි හොඳක් කළේ නෑ! කොරෝනා නිසා නොමැරී මැරුණ ජනතාවගේ බඩට ගැහුවා! – කුමාර වෙල්ගම

May 29, 2020 at 9:52 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව බලයට ආපසු රටට හොඳක් සිදු වූයේ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්‍ෂක කුමාර වෙල්ගම සඳහන් කළේය.

අද වන විට මෙරට ආර්ථිකය හතර ගාතෙන් වැටී ඇති බවත් මහා භාණ්ඩාගාරය හිස් වී ඇති බවත් ඔහු පවසයි.

කොරෝනා වැළඳී නොමැරී මැරුණ මිනිසුන්ට ආණ්ඩුව විසින් බඩට ගසමින් වතුර බිල් ලයිට් බිල් දුරකථන බිල් ආදී සියල්ල ඉහළ දමා ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ ආණ්ඩුවට ඊළඟ මැතිවරණයෙන් තුනෙන් දෙකක් දුනහොත් ජනතාවගේ කපන්න දෙයක් ඉතුරු කරන එකක් නැතැයි ද ඔහු කියා සිටියේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දොඩන්ගොඩ ප්‍රදේශයේ දී පැවති සාකච්ඡාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස