කොරෝනා බෝම්බ 49ක් රට පුරා! පැය 24න් අල්ලන්න නියෝග!

April 9, 2020 at 10:25 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන 49 දෙනකු පිළිබඳ තොරතුරු සොයා පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයන් සිටින ස්ථාන සහ තොරතුරු පැය 24 ක් තුළ අනාවරණය කරගත යුතු බව පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

මෙම 49 දෙනා ඉන්දියාව, සෝමාලියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව, කටාර් යන රටවලින් මාර්තු මස 01 සිට 19 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇත.

මොවුන් අක්කරෙයිපත්තුව පොතුවිල්, රාජගිරිය, අකුරණ, බදුල්ල, හලාවත, පුත්තලම, තිහාරිය, බේරුවල, මුන්දලම, කොළඹ, මාතලේ, රිදීගම, කැකිරාව, වැල්ලම්පිටිය, හක්මන, දුම්මලසූරිය, දික්වැල්ල, කොළොන්නාව යන ප්‍රදේශවල මොවුන් පදංචිකරුවන් බව ද පොලිස් මූලස්ථානය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස