කොරෝනාවෙන් ආරක්ෂා වී මැතිවරණය පවත්වන්න පුළුවන්! සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට දන්වයි!

May 26, 2020 at 11:01 am | by emanisa.lk

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ කිසිදු ගැටළුවක් නැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසයි.

ඒ ආකාරයෙන් මැතිවරණය පැවැත්වීමට කිසිවකු බිය යුතු නැති බවද ඇය අවධාරණය කරයි.

මැතිවරණය පවත්වන ආකාරය ගැන මාර්ගෝපදේශ දැනටමත් මැතිවරණ කොමිසමට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ලබාදී ඇතැයි ද ඇය අනාවරණය කළාය.

නිසි ලෙස සමාජ දුරස්ථ භාවය රැකගනිමින්, මුඛ ආවරණ පැළඳ, විසබීජ නාශක දියර පාවිච්චි කරමින් මැතිවරණ කටයුතුවල යෙදීමෙන් වෛරසය පැතිරීමක් සිදු වෙන්නේ නැතැයි ද ඇය සඳහන් කළාය.

කොරෝනා යැයි කියමින් සියල්ල අතපසු කරමින් කාලය කා දැමීමට රටකට නොහැකි බව පැවසූ ඇය පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්විය හැකි බවට දැනටමත් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද තවදුරටත් කියා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස